31 C
Colombo
Tuesday, January 7, 2025

ජනතාව සහභාගි කර නොගත්තත් දළදා පෙරහැර පවත්වනවා – දියවඩන නිළමේ

- Advertisement -

මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා පැවසුවේ පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පෙර පරිදිම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 22 වන දා පැවැත්වීමට නියමිත බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළා.

අගෝස්තු 23 වන දා සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වා දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

අලුතින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරලා

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ...

ආයෙත් සමන් දෙවියෝ වදින්න පුලුවන්

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම අනුවයි. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන්...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති...

POPULAR ARTICLES

ආයෙත් සමන් දෙවියෝ වදින්න පුලුවන්

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම අනුවයි. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන්...

අලුතින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරලා

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ...

අපහාස නිසා කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

සමාජ ජාලාවල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ...