ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වනවා.
මැතිවරණ කොමිසම පැවසුවේ අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බවයි.
ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බලනු ඇති.
පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණා.
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් වුණා.
Related

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (20) පෙරවරු 10න් අවසන් වුණා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඕනෑම විරෝධතාවක් අද පස්වරු 1.30 දක්වා ගොනු කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණා. නාමයෝජනා භාරගැනීමෙන් පසු…

පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවීමේ දැන්වීම හෙට (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. කොමිසමේ ඉහළ නිලධාරියෙකු සදහන් කළේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම පලකර දින 14 කින් පසුව නාමයෝජනා භාරගන්නා බවයි. ඒ සඳහා දින තුනහමාරක කාලයක් ලබාදෙන බවද එම නිලධාරියා සදහන් කළා. අදාළ දැන්වීමේ නාමයෝජනා භාරගන්නා දිනය,…

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන ලද රාජ්‍ය සේවකයින්ට අද (09) දිනයේ සිට යළි සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, තමන් සේවය කළ ස්ථානය තම ඡන්ද බල ප්‍රදේශය නම් එම ස්ථානයේ සේවය කළ නොහැකි බැවින් අද දිනයේ සේවයට වාර්තා කර තම…