29.4 C
Colombo
Sunday, March 30, 2025

දේශබන්දු ධුරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

- Advertisement -

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීක් සිදුකරනු ලබනවා.

එහිදී එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබෙනවා.

ඉන්පසු සම්මත වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලබනවා.

එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම ගැන යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES