30 C
Colombo
Monday, January 13, 2025

ඇමෙරිකාවේ ලැව්ගිනිවලින් මියගිය ගණන තවත් ඉහළට

- Advertisement -

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබෙනවා.

ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ.

ඒ අනුව, මේ වනවිට ඉන් මියගොස් ඇති පිරිස 24 දක්වා ඉහළ ගොස් ඇති අතර බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙන්.

අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක පැතිර ගිය ලැව්ගින්නෙන් හානි වී හෝ විනාශ වී ඇති ගොඩනැගිලි ගණන 12,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ගණන් බලා ඇත්තේ. මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බවයි.

මෙවන් පසුබිමක බදාදා දිනය දක්වා පැයට කිලෝමීටර 96ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා.

මේ අතර පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්නෙන් මාලිබූහි පැසිෆික් වෙරළාසන්නයේ පිහිටි සෑම ගොඩනැගිල්ලක්ම පාහේ විනාශ වූ පසුබිමක ලැව්ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවූ ඩොලර් මිලියන 9කට ආසන්න වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

ඖෂධ චෝදනාව ගැන පැහැදිලි කිරිමක්

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4...

ගුරුවරුන්ට සුබ ආරංචියක්

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය...

POPULAR ARTICLES

ඖෂධ චෝදනාව ගැන පැහැදිලි කිරිමක්

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු...

ජපානයට භූ කම්පනයක්

ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4...