ඉදිරි කාලයේදී රට වසා දැමීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා වන නිර්දේශ ලබා දීමට අකමැත්තෙන් වුවද ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
සෞඛ්‍ය නීති සහ රෙගුලාසීන් නොතැකීම නිසා මෙ වන විට පොදු ප්‍රවාහන සේවාවල දැඩි අර්බුදකාරී තත්වයක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම, පුද්ගලික මෙන්ම රාජ්‍ය ආයතනද සෞඛ්‍ය රෙගුලාසීන් කඩ කරමින් ඇති බැවින් මෙවැනි පියවරක් ගැනීමට ඉදිරියේදී සිදුවනු ඇති බවට එම සංගමය අවධාරණය කර සිටිනවා.