26 C
Colombo
Saturday, December 21, 2024

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

- Advertisement -

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවයි.

එමෙන්ම මෙම බදු ක්‍රමය හේතුවෙන් වෘත්තියවේදීන් දැඩි අපසුතාවයකට පත්වූ බවත් මේ හේතුවෙන් විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන පවා සිදු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසුවා. 

වර්තමාන රජය මෙම බදු සීමාව වැඩි කිරීමට තීරණය කිරීම වෘත්තියවේදීන් ගැන අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සිතා බලා ගෙන ඇති තීරණයක් බැවින් එම තීරණය ඉතා වැදගත් බවද ඔහු මෙහිදී පැවසුවා.

මේ හේතුවෙන් වෘත්තියවේදීන් එකමුතුව රැස්වී මෙම බදු ක්‍රමය සාධාරණීකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමටත් ඉදිරියේදී බදු ක්‍රමය ලිහිල් කරන ආකාරය පිළිබඳව සහ පවතින බදු ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව දැනගැනීමටත් මෙන්ම තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, පසුගිය අවුරුදු දෙක තුළ විශාල බදු ප්‍රමාණයක් අයකර ඇති බැවින් එය අපේක්ෂිත බදු ආදායමද ඉක්මවා ඇති බවයි.

එමෙන්ම බදු නොගෙවන පිරිස් සම්බන්ධව ගෙන ඇති තීරණය කුමක්ද සහ එකතු කරගන්නා ලද බදු කුමන කාර්යන් සඳහා යොදවා ඇත්දැයි යන්න පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමට තීරණය කළ බවයි.

එසේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, නව බදු ප්‍රතිපත්තිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් බදු ක්‍රමය සාධාරණ වන තුරු වෘත්තියවේදීන් විසින් අඛණ්ඩව සටන් කිරීමට සූදානම් බවයි.

RECENT ARTICLES - SINHALA

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...

POPULAR ARTICLES

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...

රාහුල් ගාන්ධිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. ඊයේ භාරතීය ජනතා...