ඊයේ දිනය වන විට විකුණුම් මිල රු. 191.97 ක් වූ ඩොලරය අද දිනය වන විට යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක අද විකුණුම් මිල රු. 195.21 ක්.
මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ වාර්තාගත ලෙස රුපියලේ අගය ඉහළ යෑමත් සමඟ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අපි කියන දේ කරන රජයක් ලෙසයි.