24 C
Colombo
Sunday, January 5, 2025

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

- Advertisement -

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවයි.

රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් තිබෙනවා.

එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබුණා.

එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගැනිම නිසා ඇයව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.

එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවයි.

පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකි බවත්, ඒ හේතුවෙන් සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බවත් ඔවුන් පවසා තිබෙනවා.

අනතුරුව අදාළ ආපන ශාලාවේ තිබී තවත් එවැනිම පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් ද පොලීසිය මගින් සොයාගෙන තිබුණා

වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES