නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරකු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද නියම කර තිබෙනවා.
මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව සඳහන් කරමින් මහබාගේ පොලිසියේ සැරයන්වරයෙකු කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළ බවට වාර්තා වනවා.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් මහබාගේ පොලිසියේ සැරයන්වරයා පසුගිය 24 වැනිදා රාත්‍රී 10.30ත් 11.00ත් අතර කාලයේ මහබාගේ හන්දියේ ඇති පදික මාරූවෙන් 65 හැවරිදි වයෝවෘද්ධ පුද්ගලයකු පාර මාරූ වෙමින් සිට ඇති බවත් ඒ අවස්ථාවෙදී සැකකරු විසින් කැබ් රථය නොසැළකිලිමත් ලෙස පදවමින් පදික මාරූවෙන් පාර මාරූ වෙමින් සිටි පුද්ගලයා හප්පා ඇති බවත් දැනුම් දුන්නා.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පදිකයා වහාම රෝහල් ගත කර ඇති නමුත් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසු සැරයන්වරයා මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව පවසා තිබුණා.
තුවාලකරු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට තවමත් නොහැකි වී තිබෙන බව සැරයන්වරයා වැඩිදුරටත් සඳහන් කළා.