24 C
Colombo
Thursday, January 30, 2025

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා – ජනපති

- Advertisement -

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025” අමතමින්.

එමෙන්ම මෙවර අයවැය මගින් ග්‍රාමීය ජනතාව උදෙසා ප්‍රජාවන් ඒකාබද්ධ කරගනු ලැබූ නව ආර්ථික ඒකකයන් නිර්මාණය කිරීමටද රජයේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

එහිදී, රජයේ ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය ජනතාව උදෙසා නව ආර්ථික ප්‍රභවයන් නිර්මාණය කිරීම බවත්, ජාත්‍යන්තර අරමුදලේ නිර්ණායක මත වුවද සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමේ හැකියාවක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව මිලියන 2.5ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙම වසර තුල මෙරටට පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.


 

RECENT ARTICLES - SINHALA

Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති...

අද සිට ලැබෙන වන්දි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන...

විපක්ෂ නායක හමුවු විපක්ෂය

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව...

POPULAR ARTICLES

Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති...

සංක්‍රමණිකයින් ගැන ට්‍රම්ප්ගෙන් නියෝගයක්

මෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...

අද සිට ලැබෙන වන්දි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන...