පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා මහතා සඳහන් කළා..
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ .
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡාවකට කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.