මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පෞද්ගලික පාසල ඊයේ (17) දිනයේ නොපවත්වා ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පාසලට පැමිණෙන ලෙසයි.
ඒ අනුවයි මෙම ගුරුවරිය ඊයේ පස්වරුවේ පාසලට පැමිණ ඇත්තේ.
පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවටයි වාර්තා වන්නේ.
එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබෙනවා.
පසුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව තරුණ ගුරුවරියව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා.
සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.