26.4 C
Colombo
Friday, March 14, 2025

පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි විකුණලා

- Advertisement -

විහාරස්ථානයකට සැදැහැවතෙක් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය පවසනවා.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට ලද තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර පිටබැද්දර ප්‍රදේශයේ කරා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දින කීපයක් තිස්සේ සිදු කළ විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස දුර්ලභ එම ඇත් දළ යුගලය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...