29 C
Colombo
Saturday, October 26, 2024

ඇල්පිටිය ඡන්දෙ ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

- Advertisement -

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු පැවසුවේ, එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ,

“ඡන්ද මධ්‍යස්ථානයේම තමයි ගණන් කිරීමේ කටයුතු කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 48ක් තියෙනවා කොට්ඨාස 17ක් සඳහා. කොට්ඨාසය 17ට අදාළ ඡන්ද ප්‍රතිඵල සියල්ල ගාල්ල තේරිම් භාර නිලධාරියාට භාර දුන්නාට පස්සේ ඒ 17 එකතුව අරගෙන එක් එක් කොට්ඨාස ජයග්‍රාහකයෝ කවුද? ඒ වගේම මේ සඳහා තේරීපත්වෙන අතිරේක ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව කීයද? කියන එක සිදුකරනු ලබනවා. ඒ කියන්නේ එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවෙන ආසන සංඛ්‍යාව කීයද? ඔවුන් කොට්ඨාසය ජයග්‍රහණය කරපු ප්‍රමාණය කීයද? ඉතිරි ආසන සංඛ්‍යාව කීයද? කියන නිවේදනය නිකුත් කරනු ලබනවා.”

RECENT ARTICLES - SINHALA

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ලබන සඳුදා (28) සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර "යාල්දේවී" දුම්රිය සහ...

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි...

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...