දුෂිත රාජපක්ෂ පාලනය වහා පලවා හරිය යුතු බවට පසුගියදා ගාලු මුවදොර පිටියේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ලංකාවේ මහ කුඹලා ලෙස හැදින්වෙන ජාත්‍යන්තරය දිනු මැටි කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන අජිත් පෙරේරා මහතා පිළිබදව මේ දිනවල කාගෙත් කතාබහට ලක්ව තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ සුදු වෑන් , පොලිස් පහර දීම් වලට මුහුණ දීමට සූදානමින් තමන් මෙම අරගලය තෝරාගත් බවයි.
රටට අත්ව ඇති ඉරණම පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශ රැසක් සිදු කරමින් එහිදී අදහස් පල කරන අජිත් පෙරේරා මහතා ජන අරගලයේ අවසන් විසඳුම පිළිබඳවද විග්‍රහයක් කර තිබෙනවා.
අදාළ වැඩසටහන පහළින්..