25 C
Colombo
Friday, October 25, 2024

සියදිවි නසා ගත් තඹුත්තේගම තරුණ වෛද්‍යවරයාගේ ගේ පිටුපසෙන් හමුවූ සාක්ෂිය

- Advertisement -

සිය නිල නිවසේ ඇඳක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍ය සඳකැලුම් දිසානායක මහතා සියදිවි හානි කර ගැනීමට ඉන්සියුලින් එන්නත් කරගත්තේ දැයි සැක කරන එන්නත් කටු නිල නිවසේ පිටුපස පුළුස්සා දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

තඹුත්තේගම පොලීසිය කියා සිටියේ එම එන්නත් කටු අඩක් පිලිස්සී තිබියදී හමුවී ඇති බවයි.

මෙලෙස පිලිස්සුණු එන්නත් කටු අධිකරණ නියෝගයකින් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවයි වාර්තා වන්නේ.

තඹුත්තේගම රෝහලේ සේවයේ නිරත වී සිටි මෙම වෛද්‍යවරයා සිය බිරිඳගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබෙනවා.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය ජනවාරි 13 වනදායින් පසු දෙදෙනා අතර කිසිඳු අදහස් හුවමාරුවක් ද සිදුව නොමැති බවයි.

වෛද්‍යවරයාගේ මරණය බිරියට දැනුම් දීමෙන් පසුව ඇය වෛද්‍යවරයාගේ සහෝදරයකු සමඟ පැමිණ මළ සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වී ඇති බව සඳහන්.

මළ සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ඊ.ජී.යූ.එන්.යූ. ගුණරත්න මහතා වෙත පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර ශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා (14) පැවැත්වීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සියදිවි හානි කරගෙන සිටි මේ වෛද්‍යවරයාගේ සිරුර හමුවී ඇත්තේ දින 3ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් රෝහලේ සේවකයන් කළ සොයා බැලීමකදීයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...