33 C
Colombo
Tuesday, April 8, 2025

මාරක ළිඳ කඩා වැටී පහක් රෝහලට

- Advertisement -

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසනවා .

තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බවත් පොලිසිය සඳහන් කළා.

මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක්.

මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය සදහන් කළා.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම සැණකෙලියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (23) දින රාත්‍රියේ විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

පෙට්‍රල් නැව් පහක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස (06) ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා...

POPULAR ARTICLES