30 C
Colombo
Saturday, September 14, 2024

දරුවන්ගේ ගැටුමට පියා මැදිහත් වී සිසුන් සිව්දෙනෙක් රෝහලේ

- Advertisement -

කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැයි කල්පිටිය පොලිසිය පවසනවා.

පාසලේ අවසාන කාලඡේදය තුළ, පසුගියදා 9වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු එම පන්තියේම සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සිදුවී තිබුණා.

අනතුරුව එම පහර කෑමට ලක්වූ සිසුවා ඔහුව කැටුව යාමට පැමිණි සිය පියාට සිද්ධිය සැළකිරීමත් සමග කෝපයට පත් පියා එම සිසුන් තුන්දෙනාටත් ඔවුන් සමග සිටි 8 වසරේ තවත් සිසුවෙකුටත් පහර දී ඇති බව වාර්තා වනවා.

මෙසේ පහර කෑමට ලක් වූ 13 හැවිරිදි දරුවෙකු සහ 14 හැවිරිදි දරුවෙකු කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවත් දරුවන් දෙදෙනෙකු සහ දරුවන් විසින් පහර දුන්නා යැයි කියන සිසුවෙකුද ඇතුලුව 14 හැවිරිදි දරුවන් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ පිළිබදව කල්පිටිය ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කර ඇත්තේ, සිද්ධියට අදාළ පහර දුන් බවට සැක කෙරෙන තිහලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මේ බව සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...