32 C
Colombo
Saturday, March 29, 2025

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද

- Advertisement -

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදි පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එය තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මරදානේ චොප්පෙගෙ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ  මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ...

POPULAR ARTICLES

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මෙය වාර්තා අතරට...