පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්‍රීවරු නම් කිරීම අද (09) සිදු වුණා.
සාමාජික මන්ත්‍රීවරුන් නම් කළ සෙසු කාරක සභා වන්නේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ප්‍රවාහන සහ මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හා සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවයි.