නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව තිබෙනවා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 21 දෙනෙකු ඇතුළත්.
මෙම නව කැබිනට් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 7 දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු, නීතිඥවරයෙක්, ඉංජිනේරුවෙකු සහ උපාධිධාරීන් 7 දෙනෙකු ඇතුළත් වනවා.
මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.