24.9 C
Colombo
Friday, November 22, 2024

ඉන්දියාවේ පැතිරයන විනාශකාරී ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මුල්ම වරට ඕස්ට්‍රේලියාවේ

- Advertisement -

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් පළමුවරට අධික ලෙස පැතිර යන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය හඳුනාගත් බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 ප්‍රභේද හතර අතරට නම් කරන ලද ඩෙල්ටා වෛරස ප්‍රභේදය පහසුවෙන් ව්‍යාප්ත වන බවට සාක්ෂි හමු වී තිබේ.එමෙන්ම ඉන්දියාව මේ වන විට මුහුණ දී ඇති විනාශකාරී පැතිර යාමට ද හේතුව මෙම වෛරස ප්‍රභේදයයි.

මෙම නව ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ වෙනත් කිසිදු තැනකින් වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයන් සමඟ සම්බන්ධ වී නැතැයි බලධාරීන් පවසයි.

සති දෙකකට පමණ පෙර අසල්වැසි සවුත්වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ ඩෙල්ටා ප්‍රභේදය මෙසේ මුල්වරට අනාවරණය වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES