කළු ගඟේහි කුඩා ඟඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ඉදිරි පැය 24ක කාලය සඳහා ද දීර්ඝ කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය ඉදිරියටත් පැවැතිය හැකි බවයි.
මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ තත්ත්වයට සම්බන්ධව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන මෙන් එම ප්‍රදේශවල මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා රථ වාහන ධාවනය කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.