26.4 C
Colombo
Friday, March 14, 2025

ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා රිමාන්ඩ්

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

ඉකුත් 29 වනදා උදෑසන අමල් සිල්වා අත්අඩංගුවට ගත් අතර පසුව රඳවාගෙන ප්‍රශ්න කෙරුණා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ යි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ ඉකුත් 28 වනදා රාත්‍රියේදීයි.

පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.


RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...