28 C
Colombo
Tuesday, July 2, 2024

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානය ගෙනියන්න ආ දැවැන්තයා

- Advertisement -

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මධ්‍යම අප්‍රිකානු ජන රජය වෙත රැගෙන යාම සඳහා ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝව් AN 124 ගුවන් යානය ඊයේ (28) මෙරටට පැමිණියා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් එම ගුවන් යානයට හිමිවුයේ සුවිශේෂී පිළිගැනීමක්.

ඇන්ටනෝව් AN 124 ගුවන් යානය මේවනවිට සැලකෙන්නේ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ලෙසයි.

මෙම ඇන්ටනෝව් යානයට ටොන් 150කට අධික බරක් රැගෙන යාමේ හැකියාව පවතිනවා.

මීට පෙර ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකුනේ ඇන්ටනෝව් AN 225 ගුවන් යානයයි.

එම ගුවන් යානයද මීට වසර 06කට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර එම යානය අවාසනාවන්ත ලෙස 2023 වසරේ දී රුසියානු – යුක්‍රේන යුද්ධය අතර තුර යුක්‍රේනයේ කීව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ...

කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා ඉවරයි

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කළ බව නාගරික...

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි. ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

0
හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd...

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06...