කෙහෙළියට ගෙදර කෑම කන්න අවසර

බන්ධනාගාර රෝහලේ රඳවා ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙන බවට වාර්තා වනවා. මේ සඳහා අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී B. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.