E-8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක් බවත් එය නීත්‍යානුකූල කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව තරුණයන් නොමඟ යවමින් ඔවුන්ට එරටට ගිය පසු පැන යාමට අවස්ථාවක් ඇති බවට බොරු මතයක් නිර්මාණය කර අදාළ වීසා සාදා ඇති බවත්, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පවසා සිටියා.
ඔහු තවදුරටත් සඳහන් කළේ E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.
“ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය. නමුත් මේ E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකලට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නීත්‍යාණුකූල කරන්න රජයට බැහැ.
E8 එක නීත්‍යාණුකූල කලොත් අපිට E9 එකත් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග හැටියට කලින් උදවිය මේ තරුණයන් නොමග යවලා ඔවුන්ට ඒ රටට ගියාට පස්සේ පැනලා යන්න අවස්ථාවක් තියෙනවායි කියලා බොරු මතයක් හදලා තමයි මේ වීසා හදලා තියෙන්නේ. මේකට අදාළ කරන ගිවිසුමක් විදේශ සේවා කාර්යාංශයේ නෑ. මේ අනීතික ක්‍රියාවලිය පිටිපස්සේ දේශපාලන සහ තැරැව්කරුවන් ඉන්නවා දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධව තරුණයන්ව රවට්ටලා ජාවාරමක් කරලා තියෙන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ඉතුරු වෙලා ඉන්න හැට ගානට අපි සාධාරණයක් කරලා දෙන්නම්. හැබැයි මේ ක්‍රියාවලිය නීත්‍යාණුකූල කරන්න අපිට කිසිම හැකියාවක් නෑ එහෙම වුණොත් රටක් විදිහට අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා.”
E 8 කාණ්ඩය යටතේ වීසා ලැබුණ ද දකුණු කොරියාවට යෑමට අවස්ථාවක් නොලැබීමට විරෝධය පළ කරමින් E 8 වීසා එකමුතුව පසුගියදා (23) විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
E8 වීසා යනු මාස 6 ක් වැනි කෙටිකාලීන රැකියාවක් සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් වන අතර ඒ යටතේ, මාස 8ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර කේෂත්රයේ රැකියාවල නිරත වීමට අවස්ථා හිමිවෙනවා.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා නොදීමෙන්, E 8 වීසා හිමි වූ ලාංකිකයින් 107 දෙනෙකුට දකුණු කොරියාවට යෑමට හැකිවී නැහැ.
කෙසේවෙතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කේශල වික්‍රමසිංහ මහතා පවසන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා ලබාදී ඇති E – 8 වීසා ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය ලැබී නොමැති බවයි.
පසුගිය රජය විසින් කැබිනට් අනුමැතියකින් තොරව ආරම්භ කර ඇති මෙම වීසා ක්‍රමවේදය නීත්‍යනුකූල නොවන බවත්, එබැවින් E – 8 වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට අනුමැතිය ලබාදිය නොහැකි බවත් ඒ මහතා පවසා තිබුණා.