24 C
Colombo
Tuesday, January 21, 2025

ආණ්ඩුව ෆේල්

- Advertisement -

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත් ඒ මහතා සඳහන් කළා.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මුජිබර් රහුමාන් මහතා,

“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙම නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා. මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.

දින 100 දිහා අපි හැරිලා බැලුවම ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලුවම ඔවුනුත් සෑහීමකට පත්වෙලා නෑ.”

RECENT ARTICLES - SINHALA

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

එක ගෙයි කෑම කතා කරන්න අලියත් කැමති වෙලා

ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී සමගි ජන...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...