චමුදිත සමරවික්‍රම හට එල්ල කළ ප්‍රහාරයේ වැරදිකරුවන් සොයා ගැනීමට අසමත් වන්නේ නම් එම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව මත පැටවීම නිරායාසයෙන්ම සිදුවනු ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ. ඊයේ (15) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එම ප්‍රහාරයට මාසයක් සපිරෙන පෙරේදා දිනයේ තමන් පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් සමග මේ සම්බන්ධව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පවසනවා.
කෙසේ නමුත්, එම පරීක්ෂණ වලින් අනතුරුව වැරදිකරුවන් සොයාගැනීමට අපොහොසත් වුවහොත් එම වරද රජය මත පැටවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“අපරාධකරුවා සුදු ඇඳගත්තු දේශපාලඥයෙක්ද. ඔහු කළු ඇඳගත්තු පාතාල සාමාජිකයෙක්ද කියන එක අදාල නෑ. මේ පරීක්ෂැණ අවසන් අදියරකට පැමිණ ඒ ගැන හෙළි කරන්න ඕනෙ. පොලිසියට මම විෂයභාර අමාත්‍යවරයා විදිහට ඒ ගැන අවධාරණය කරනවා.” යැයි ඒ මහතා පවසනවා.