කොරෝනා බලපෑම හා ආර්ථික අර්බුදයක් රටේ පැවැතියද වත්මන් ආණ්ඩුව ජනතා අවශ්‍යතා එකින් එක ඉටුකරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, ඊයේ (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.
රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් වන බැවින් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රජයට සහාය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.
රටක පවතින අර්බුද විසඳීම, පැයෙන්, දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කළ නොහැකි බැවින් ක්‍රමානුකූලව රටේ පවතින අර්බුද විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.