27.6 C
Colombo
Tuesday, April 15, 2025

ආණ්ඩුව දැන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාන මර්දනකාරී ප්‍රතිපත්තියක – තුෂාර ඉඳුනිල්

- Advertisement -

දිනෙන් දින ඉහළ යන ජීවින වියදම හමුවේ දරාගත නොහැකි මට්ටමකට රට පත්ව ඇති අතර එමඟින් සමස්ත රට වැසියාම අර්බුද රැසකට මුහුණ පා ඇති බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, ජනතාව මත අධික බඳු බරක් පැටවීම හේතුවෙන් එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන්ද අධික ලෙස ඉහලගොස් ඇති බවයි.

මෙම කාරණා ඍජුව බලපාන බවත්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන දරුවන්ද ඉහලගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

විරැකියාව හා ආදායම් අහිමිවීම හේතුවෙන්ද සාමාන්‍ය ජනයා ගැටලු රැසකට මුහුණ පා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“අල්ලස, දූෂණය සහ නාස්තිය ඉහවහා ගොස් තිබෙනවා.. දූෂණයට සම්බන්ධ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීන් නීතිය හමුවට කැදවා දඩුවම් ලබාදීම වෙනුවට ඔවුන්ව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා.. විවිධ අණපනත් ගෙනල්ලා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමන මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.. මෙම කරුණු බරපතල ලෙස සැලකිල්ලට ගෙන රටේ පොදු ජනතාව මුහුණ පා ඇති ගැටළුවලින් ඔවුන්ව ගලවාගන්න ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලනවා.. මේක අති මානුෂීය කාරණාවක්… මේක සුළුවෙන් තකන්න එපා.. බඩගින්න වෙනුවෙන් උද්ඝෝෂණය කරන එක ත්‍රස්තවාදයක් විදියට හඳුන්වනවා..”

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES