ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.
වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට නියමිත බවද පවසා සිටියා.
මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.