26.4 C
Colombo
Friday, March 14, 2025

ආණ්ඩුව නැවේ වන්දියටත් කෙළින්නයි හදන්නේ – මනූෂ

- Advertisement -

අනතුරට පත්ව තිබුණ නැවක් ගෙන්වා මුළු සාගර කලාපයම විනාශ කිරීමෙන් අනතුරුව දැන් එහි වන්දිවලින්ද කොමිස් ගැසීමේ සූදානමක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා පවසයි.

මෙම වන්දි ලබා ගැනීමගැන සැකයක් පවතින බවත් ලබාගත හැකි වන්නේ මෙහයුම් වියදම් බවත් විදේශ රක්ෂණ සමාගම් සමඟ යම් යම් සබඳතා ඇති ඇමතිවරයෙක් පවසමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙවැනි අනතුරු හමුවේ එම සාගර කලාපයන්හි හිමිකාරීත්වය දරන රාජ්‍යයන්ට විශාල වන්දි ලබාගැනීමට හැකියාව ලැබී ඇති නමුත් මේ මොහොතේ මෙරටදී සිදුව තිබෙන අනතුර හමුවේ වන්දි ලබාගැනීමේ ප්‍රශ්නයක් මතු කරන්නේ ඊට හේතුව මේ පසුපස යම් ඩීල් එකක් පැවතීම විය හැකි බව හෙතෙම සඳහන් කරයි.

මෙතෙක් ඉතිහාසය තුළ මෙම කලාපයේ ආසන්න සාගර කලාපය තුළ මෙවන් විනාශයක් සිදුව නොමැති බවත් මෙම විනාශයට වන්දිය නැව් සමාගමෙන් ලබාගත යුතු අතරම මීට අනුබල දුන් සියලු පාර්ශවයන් නිතිය හමුවට ගෙන ආ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

අවසානයේ බිහි වී තිබෙන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන පන්නයේ නායකයෙක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

සබැඳි ලිපි…

RECENT ARTICLES - SINHALA

රුපියල් 372 බෙහෙතක් 72,000ට අරන්

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්තද  පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී ඊයේ (13) අනාවරණය වී...

Breaking: බටලන්ද වාර්තාව සභාගත කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ  සභාගත කර තිබෙනවා. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

POPULAR ARTICLES