මෙවර මැයි දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගයට කිසිදු ක්රීඩාංගණයක් ලබාගත නොහැකි ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික කේ. ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ තමන් මුල් අවස්ථාවේ ගාලු මුවදොර ක්රීඩාංගණය ඒ සඳහා ලබා ගැනීමට උත්සාහ කළ බවයි.
නමුත් ආණ්ඩුව ලබා නො දීමට විවිධ උපක්රම අනුගමනය කළ බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
ආණ්ඩු බලයක් අත්පත් කර ගැනීම සඳහා මේ වන විට ජාතික ජන බලවේගය උපක්රමික අරගලයක් දියත් කර ඇති බව ද කේ. ඩී ලාල් කාන්ත මහතා මෙහි දී සඳහන් කර තිබෙනවා.