පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
ඔහු සදහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බවයි.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතු කරනවා.
පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන් 2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වනවා.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබුවා.
දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 80,672 දෙනෙක් මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා භාර දුන් පිරිසේ රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිනවා.