ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්රතිපත්ති ප්රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කළා.
මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය ද අද (04) පැවැත්වීමට නියමිතයි.
කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි එම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති.