පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් 21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.
එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඥාතීන් පවසන්නේ, ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.
මේ අතර, චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද (15) පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි