2021 නොවැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියා.
රොයිටර්ස් මාධ්‍ය වාර්තාවක සඳහන් වන්නේ මෙය 2012 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම බවයි.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.