කුප්‍රකට ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසකට ඊයේ (10) පස්වරුවේ කිසියම් පිරිසක් පහරදී තිබුණා.
ඉරාජ් වීරරත්න පවසන්නේ එම නිවස තමන්ගේ නොව තමන්ගේ මවගේ බවයි.
අදාළ පහරදීම තිරිසන් ආකාරයෙන් සිදුකර ඇති බවත් නිවසේ වැසිකිළිය පවා විනාශ කර ඇති බවත් ඔහු හැඩූ කඳුලින් මාධ්‍ය වෙත පවසා සිටියා.
තමන්ගේ දෙමාපියන් කිසිදිනෙක සොරකම් කර නොමැති අතර මෙම පහරදීම තමන්ගේ නිවසට සිදුවූවානම් දුකක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඉරාජ් වීරරත්න පසුගිය ආණ්ඩුව බලයට පත්කිරීමට සහය දුන් අතර ඒ සඳහා ඉතාමත් පහත් පෙළේ ගීත හා වීඩියෝ නිර්මාණය කරමින් කටයුතු කළා.
ඒ පිළිබදව විපක්ෂයේ දේශපාලඥයින් විවිධ අවස්ථාවන්වලදී ඔහුට විරෝධය පලකලද ඔහු අඛණ්ඩව මඩ දේශපාලනයෙහි නිරත වුණා.