31 C
Colombo
Saturday, December 28, 2024

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

- Advertisement -

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා

ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට නියමිතයි.

මේ සඳහා රුපියල් බිලියන 22 ක මූල්‍ය ආධාර ලබා දෙන අතර පළමු අදියර යටතේ ව්‍යාපෘතිය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී නිවාස 575ක් ද කොට්ටාව ප්‍රදේශයේ කලා කරුවන් වෙනුවෙන් නිවාස ඒකක 108ක්ද ඉදි කිරීමට යෝජිතයි.

එහි දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතිය නිවාස 586ක් සහ මහරගම ව්‍යාපෘතියෙන් නිවාස 112ක් ඉදි කෙරෙනවා.

මෙහි තෙවන අදියරේ දී පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස 615ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව තෝරාගත් ස්ථාන 5ක ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය මාස 36කින් සාදා නිම කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප සහ කල්පවත්නා සබඳතා පිළිබිඹු කරමින් අඩු ආදායම්ලාබී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වනවා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES