දෙහිවල ගල්කිස්ස සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විමර්ශනය කරන මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිසිය අද (07) පෙරවරුවේ එම ස්ථානය පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීනියන් එම ස්ථානයට පැමිණ ඡායාරූප ලබා ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනක් සිදු කර තිබුණා.
මෙම නිරීක්ෂණය සඳහා දෙහිවල පොලීසිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හෝටල් සේවකයින්ද පැමිණ තිබෙනවා.
දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ සෝල් බීච් හෝටලය, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින් පසුගිය ජනවාරි 01 වනදා වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබුණා.