ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි.
යතුරු පැදියක් සඳහා මීට පෙර සතියකට ලීටර් 7ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 08ක් ලබාදී තිබුණා.
ඊට අමතරව ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ද බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති බව සඳහන්.
බස් රථ සඳහා මීට පෙර ලීටර් 60ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කළා.
මේ අතර මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ දමා තිබෙනවා.
තවද ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ දැමීමටයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ද ඉහළ දමා තිබෙනවා.