32 C
Colombo
Sunday, March 23, 2025

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙලා

- Advertisement -

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්වුණා.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුවා.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉකුත් මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අණ්ඩුවෙන් අලුත් පනතක්?

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව...

ගතවූ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ එම වෙඩි...

චණ්ඩි යෝෂිත පුද්ගලයෙක්ගේ කණ පලලා

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා...

POPULAR ARTICLES

අණ්ඩුවෙන් අලුත් පනතක්?

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසනවා. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ...

ගතවූ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ එම වෙඩි...