අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, මාම්පේ ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි රැඳවියකු බවයි.
ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රඳවියා ඉකුත් අගෝස්තු මස දිනක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව පොලිසිය පවසනවා.
පසුව එම රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකින් රැගෙන එමින් සිටියදී පලා ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.