27.1 C
Colombo
Wednesday, April 2, 2025

පංච පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය සොයා ගනී

- Advertisement -

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ගාල්ල, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබෙනවා.

මේ අතර එම වෙඩිතැබිමේ සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන මෙම සැකකරු අනතුරුව මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බවට වාර්තා වනවා.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

පසුගිය සඳුදා (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතැළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මිය ගිය අයට ඇතුළත්.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

#

RECENT ARTICLES - SINHALA

බසයකට අලාභ හානි කළ සෙබළෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පනාගොඩ...

සෙව්වන්දි අල්ලන්න ගිහින් වෙන කෙනෙක්ව අල්ලලා

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01)...

Breaking: එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවමක්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර...

POPULAR ARTICLES