30 C
Colombo
Sunday, April 27, 2025

වසර 8ට පසු අත්අඩංගුවට ගත් ඝාතකයා

- Advertisement -

කැබිතිගොල්ලෑව, අයිතිගෙ වැව ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී කාන්තාවකගේ ගෙළ සිර කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවෙකු වසර 8ට පසු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.

මෙලස මියගිය කාන්තාවගේ පුතා වන ඩබ්ලිව්.ජේ.සී. විජේරත්න නමැති දෙවන ස්වෙච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ සේවය කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 වසරේ ජූනි මස 5 වන දා සැකකරු 50 හැවැරිදි තම මව නිවසේ සිටිය දී ගෙළ සිර කර ඝාතනය කර ඇති බව සඳහන්.

අභිරහසකව තිබුණු මෙම ඝාතනයේ ඝාතකයා සෙවීමට එදින සිට කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි සමීපතම ඥාතීන්ගෙන් මෙන් ම මෙම සෙබළගෙන් වෙන් වී ජීවත් වන ඇයගේ බිරිඳ ගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගනිමින් සිට ඇත.

ඒ අනුව, ලැබුණු තොරතුරක් මත මෙම ඝාතනයේ ඝාතකය මිය ගිය කාන්තාවගේ පුතා බවට අනාවරණය කර ගත් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒ පිළිබඳ ඝාතකයා සේවය කළ කටුනායක පිහිටි යුද්ධ හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී දැණුවත් කර සැකකරු ඊයේ (මාර්තු 25) දින පොලිස් භාරයට ගත් බව වාර්තා වෙනවා.

අද (මාර්තු 26) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා – වජිර

එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව...

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

POPULAR ARTICLES