28.1 C
Colombo
Monday, October 7, 2024

පන්දුවක් රැකීමට ගොස් මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද

- Advertisement -

උඩ පන්දුවක් රැකිමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදි සිදු කරන බව ඥාතින් පවසනවා.

නුවරඑළිය කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ලිස්සා ‍යාමෙන් පාසල් ගොඩනැගිල්ලක බිත්තියක ගැටී ඉකුත් 05 වැනිදා ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස මිය ගොස් ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

බරපතල ලෙස තුවාල ලැබූ සිසුවා දික්ඔය මුලික රෝහලට් ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පාසලේ විදුහල්පතිවරයා කියා සිටියේ, 13 වසරේ තාක්ෂණ විෂය හදාරමින් සිටි මෙම සිසුවා අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවට අතිශය දක්ෂ සිසුවෙකු වන අතර ඔහුගේ පියා, වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු බවයි.

RECENT ARTICLES - SINHALA

පොලීසියට පාට් දැමූ නිතීඥවරියක් ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ්

පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (08) දින දක්වා...

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගිය 30 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව...

පොලිස් කොස්තාපල්වරයෙකුගේ සිරුරක් වගුරුබිමකින් හමුවෙලා

ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරුබිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙක්. ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...