28.4 C
Colombo
Tuesday, October 22, 2024

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

- Advertisement -

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.

එසේම, එම බහාලුම් පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබෙනවා.

ඒ අනුව, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන හිමිවන බවයි.

RECENT ARTICLES - SINHALA

මාතර ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට

මාතර - කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින්...

ලාංකික තරුණයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (21) එරට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පංචලිංගම් පාර්තිපන් නැමති පදිංචි 44 හැවිරිදි මොහු,...

මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරලා

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...