28.1 C
Colombo
Sunday, April 13, 2025

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

- Advertisement -

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව 2024 වසරේදී සිදුකළ සංගණනය අනුව මෙරට ජනගහනය 1,403,731කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහනය 21,763,170ක් බවට වාර්තා වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ පළාත් අනුව ගත් විට මෙරට මුළු ජනගහනයෙන් 28.1%ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3ක් වූ අඩුම ජනගහනය පදිංචිව ඇත්තේ උතුරු පළාතේ බවයි.

දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකූ විට වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 2,433,685ක්.

දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය වාර්තා වී ඇති අතර එය 2,374,461ක් ලෙසද වාර්තා වී තිබෙනවා. 

මේ අනුව මිලියන 02කට වැඩි ජනගහනයක් පදිංචිව ඇත්තේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළ පමණක් බවද ජාතික ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

මෙම දිස්ත්‍රික්ක දෙකට හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙළින් කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බව සදහන්.

එමෙන්ම දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස පෙර සංගණනයන්වලට අනුවම උතුරු පළාතේ මුලතිව් 122,542, මන්නාරම 123,674, කිළිනොච්චි 136,434 සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී තිබෙනවා.

මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙසද සටහන් වී තිබුණා.

අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001ක් ලෙසද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පෙර සංගණවලදී මෙන්ම මෙවරද වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

එය වාර්තා වී ඇත්තේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...