26 C
Colombo
Friday, October 25, 2024

ගෝලීය උෂ්ණත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

- Advertisement -

ප්‍රථම වරට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගෝලීය උණුසුමට අදාළ මෙය ලෝක ඉතිහාසයේ ගෝලීය උෂ්ණත්ව සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වනවා.

ලෝක නායකයන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේ 2015 වසරේ පැවති ගෝලීය දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වෙමින් පරිසරයට මුදා හැරෙන මිනිසාට අහිතකර කාබන් වායුව කපා හරිමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක ඉක්මවීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දී තිබුණා.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවා යාම මිනිසාට මෙන්ම ගහකොළ හා සතුන්ට හානිකර ප්‍රතිඵල අත් විය හැකි නිසා ලෝක නායකයන් විසින් මෙලෙස ප්‍රතිඥාව ලබා දීමට හේතු වුණා.

විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවමින් සෙල්සියස් අංශක 2ක් දක්වා ඉහළ ගියහොත් දරුණු තාප තරංග මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා වන සතුන් විශාල වශයෙන් මිය යෑම වැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදු විය හැකි බවයි.

මෙලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුව වි ඇත්තේ පරිසරයට හානිකර වායුන් මුදා හැරීම බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...